Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට ළගා වූ හැටි

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් අද(16) දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එරටට ළගා වී තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර, කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ උප නායකයා ලෙසයි පත් කර ඇත්තේ.

බංග්ලාෙද්ශයට ළගා වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දින 3ක කාලයක් නිරෝධායනයට ලක්වීමට නියමිතව ඇති අතර, අනතුරුව පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වනදා පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Leave a comment