Ultimate magazine theme for WordPress.

වසර 9කට පෙර මාලි සංගාට දාපු සුපිරි පන්දුව

ලොව බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් යුගලයක් වන කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග යනු දීර්ඝ කාලයක් එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙපළක්.

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියෙන් පසුව මොවුන් දෙදෙනා එකිනෙකාට විරුද්ධව එකම තරගයකදී මුණ ගැසුණ වාර ඇත්තේ අතලොස්සක් පමණයි.

ප්‍රතිවාදී කණ්ඩායම් නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ මේ අපූරූ ක්‍රීඩක යුගලය මුණගැසුණු අවස්ථාවක් පිළිබඳව ඔබගේ මතකය අවදි කිරීමට අප තීරණය කළා.

මෙම තරගය 2011 වසරේ දී පැවැත්වුණේ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

2011 ලෝක කුසලානය ඉන්දියාව ජය ගෙන තිබූ පසුබිමක අයි.පී.එල් තරගාවලිය නැරඹීමට ද අතුරු සිදුරු නැතුව ක්‍රීඩාංගනවලට ඉන්දීය ප්‍රේක්ෂකයින් පැමිණ තිබූ බව ඔබට මතක ඇති.

2011 අයි.පී.එල් තරගාවලියේ 27 වන තරගය වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

මෙම තරගයේ දී පන්දු යැවීමෙන් විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ලසිත් මාලිංග පන්දුවාර 4 යවා නිම කළේ ලකුණු 9ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවා ගනිමින්.

ඔහුගේ කඩුලු අතරට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරගේ කඩුල්ල ද ඇතුළත්.

සංගක්කාර දැවී යන විට පන්දු 28කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 34ක්.

ඔහු දැවී ගියේ මාලිංග යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන්.

එහිදී කඩුල්ලේ ඉනි දෙකක් ගැලවී විසි වී යාම නිසා මෙම සිදුවීම බොහෝ දෙනෙකුගේ මතකයේ තවමත් රැදී තිබෙන බව සදහන් කළ යුතුයි.

Leave a comment