Ultimate magazine theme for WordPress.

රියාන් පරාග් IPL පිටියේ යොමු කළ අමුතු පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට තරග 4ක් පවත්වා අවසන්.

පසුගිය වසරේ පළමු තරග කිහිපයට සාපේක්ෂව මෙවර තරගාවලියේ පළමු තරග කිහිපය එතරම් තියුණු මුහුණුවරක් නොගත්ත ද තරගාවලිය සදහා ඇති ප්‍රේක්ෂක අවධානයෙහි කිසිදු වෙනසක්නම් සිදුව නැහැ.

තරග අතරතුර සිදුවන විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකුගේ අවධානය නිරතුරුවම යොමු වන බව දක්නට ලැබෙනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් එවැනි සිදුවීමක් ඊයේ(12) පැවැති පංජාබ් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගයේ දී දැක ගත හැකි වුණා.

ඒ, රාජස්ථාන් කණ්ඩායමේ රියාන්ග් පරාග් පන්දුවක් යොමු කළ ආකාරයක් පිළිබදවයි.

පංජාබ් ඉනිමේ 10 වැනි පන්දුවාරය යොමු කළ ඔහු විසින් සාමාන්‍ය ඉරියව්වෙන් බැහැර වී සිරස් ඉරියව්ව වෙනුවට තිරස් ඉරියව්වකින් පන්දුව යොමු කිරීම විශේෂත්වයක්.

ඔහු එම පන්දුවාරයේ දී ක්‍රිස් ගේල්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා.

Leave a comment