Ultimate magazine theme for WordPress.

මාලිංගට පිට පිට පන්දු 5කින් කඩුලු 5ක් අහිමි වූ හැටි

ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්කරමින් නිමා වූ 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකු බවට ලසිත් මාලිංග පත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමගින් ක්‍රීඩා කළ තරගයේ දී පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමත් සමගයි.

එලෙස කඩුලු හතරක් ලබාගත් පන්දු හතරෙන් පසුව ලසිත් මාලිංග යොමු කළ අනෙක් පන්දු කිහිපය බොහෝ දෙනෙකුට මේ වන විට මතකයේ නැතුව ඇති.

සැබවින්ම  ඔහුට තවත් කඩුල්ලක් දවා ගැනීමට එදා හැකියාව ලැබුණේ නම් ක්‍රිකට් ඉතිහාසයේ පෙරලිකාරම තරග ජය බවට එම තරගය පත් වනු නිසැකය.

කෙසේ වෙතත්, තරගයේ ජය ශ්‍රී ලංකාවට අහිමි කරමින් මාලිංග පිට පිට පන්දු 5කින් කඩුලු 5ක් දවා ගැනීමේ අරමුණින් යැවූ පස් වන පන්දුව කඩුල්ලේ ගෑවී නොගෑවී යන අතර, අනතුරුව යැවූ තවත් පන්දුවක් ද කඩුල්ල අසලින්ම කඩුලු රකින්නා අතට ඇදී යන්නේ සියල්ලන් මවිතයට පත් කරවමින්.

ඊට අදාළ දර්ශන පහතින් නරඹන්න –

Leave a comment