Ultimate magazine theme for WordPress.

ප්‍රියන්ජන්ගේ සුපිරි උඩ පන්දුව සහ පළමු තරගයේ විශේෂ අවස්ථා

ප්‍රේක්ෂකයින්ට සුපිරි තරග අත්දැකීමක් එක්කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද අලුයම නිමාවට පත් වුණා.

ඒ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව කලම්බු කිංග්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ ජයක් හිමි කර දෙමින්.

ALSO READ : Match Report

මෙම තරගයේ දී වේගවත් අර්ධ ශතක තුනක් වාර්තා වීම කැපී පෙණුනා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් පිල වෙනුවෙන් කුසල් ජනිත් පන්දු 52කින් ලකුණු 87ක් සහ 19 හැවිරිදි රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 22කින් ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල ආරම්භයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 46කින් ලකුණු 80ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සිය ඉනිමට එක් කරමින්.

මෙම තරගයේ දී ක්‍රීඩකයින් පන්දු රැකීම අතින් එතරම් ඉහළ දක්ෂතාවයක් පෙන්වනු දක්නට ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක් තුළ කුසල් ජනිත්ගේ කඩුල්ල දවා ගැනීම සදහා අශාන් ප්‍රියන්ජන් රැකගත් උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.(ඊට අදාළ දර්ශන ද තරගයේ විශේෂ අවස්ථා තුළින් නරඹන්න)

එල්.පී.එල් තරගාවලියේ දෙවන තරගය අද(27) ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය රාත්‍රී 8ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වනවා.

Leave a comment