Ultimate magazine theme for WordPress.

ඩු ප්ලෙසිස් රැක ගත් සුපිරි උඩ පන්දු දෙක

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ(20) ආරම්භ වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පළමු තරගයෙන් ජය හිමි කර දෙමින්.

ඔවුන් හමුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් වුණා.

මෙම තරගයේ දී මුම්බායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, එහිදී පන්දු රැකීමෙන් සුවිශේෂී දක්ෂතා දැක් වීමට චෙන්නායි කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස් සමත් වීම මේ වන විටත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයට යොමුව ඇති කරුණක්.

එහිදී ඔහු රැක ගත් උඩ පන්දු සංඛ්‍යාව 3ක්.

ඉන් උඩ පන්දු දෙකක්ම සුවිශේෂී වූයේ ඒවා හතරේ සීමාව ආසන්නයේ දී ම රැක ගැනීම හේතුවෙන්.

සවුරාබ් තිවාරි සහ හර්ඩික් පාන්ඩ්යා පහරවල් දෙකක් ඉහළින් එල්ල කළ අතර, එම අවස්ථාවන් දෙකේදී පන්දුව හයේ සීමාව ඉක්මවා යාමට ඉඩ නොදී ෆෆ් ඩු ප්ලෙසිස් විසින් විශිෂ්ඨ අන්දමින් රැක ගැනීම ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ ද දැඩි පැසසුමට ලක්වනු දක්නට ලැබුණා.

ඊට අදාළ දර්ශන මෙතනින්

Leave a comment