Ultimate magazine theme for WordPress.

ගිබ්ස් දවා ගැනීමට සනත් ජයසූරිය රැකගත් සුපිරි උඩ පන්දුව

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් (Legends League Cricket) ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී සුවිශේෂී උඩ පන්දුවක් රැක ගැනීමට ආසියානු ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සමත් වුණා.

World Giants කණ්ඩායමට එරෙහිවයි ඔහු එම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආසියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස් දවා ගැනීම සදහා සනත් ජයසූරිය විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ නුවන් කුලසේකර යොමු කළ පන්දුවකටයි.

Leave a comment