Ultimate magazine theme for WordPress.

කෝලි සහ මෙන්ඩිස් එල්ල කළ ඩිවිලියස්ගේ ස්කූප් පහර

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබාදුන් ලකුණු 195ක ඉල්ලකය හඹා යන අවස්ථාවේදී ඉන්දීය නායක විරාට් කෝලි විසින් එල්ල කරන ලද හයේ පහරක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා.

ඇන්ඩෘ ටයි යොමු කළ ඉනිමේ 15 වන පන්දුවාරයේ සිව්වන පන්දුවටයි ඔහු මෙම අලංකාර පහර එල්ල කළේ.

එහි විශේෂත්වය වූයේ ෆයින් ලෙග් දෙසින් ඉතාමත් අලංකාර ස්කූප් පහරකින් කෝලි මෙම හයේ පහර එල්ල කිරීමයි.

සාමාන්‍යයෙන් විරාට් කෝලිගෙන් මෙවැනි පහරක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන බැවින් බොහෝ දෙනෙකුගේ අවධානය ඊට මේ වන විට යොමුව තිබෙනවා.

දණහිස නමා පිට ඉන්න දෙසට නැඹුරුව එල්ල කළ මෙම හයේ පහර සුපිරි පිතිකරූ ඒ.බී. ඩි විලියර්ස් විසින් එල්ල කරන සූකූප් පහරට බොහෝ සෙයින් සමානයි.

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් හා ජැෆ්නා ස්ටැලින්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් විසින් ද විරාට් කෝලී ඊයේ එල්ල කළ පහරට සමාන අලංකාර ස්කූප් පහරකින් ලකුණු 6 ක් වාර්තා කිරීමට සමත්ව තිබුණා.

Leave a comment