Ultimate magazine theme for WordPress.

අහසේ ඉදං රිෂාබ්ට ආපු IPL ඉතිහාසයේ අසාමාන්‍යම පන්දුව

ක්‍රිකට් පිටියේ කලාතුරකින් දකින්න ලැබෙන අමුතු පන්දුවක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(25) පැවැති මෙවර තරගාවලියේ 20 වන තරගයේ දී දැක ගත හැකි වුණා.

දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම් අතරයි මෙම තරගය පැවැත්වුණේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා.

එහිදී රිෂාබ් පාන්ට් පන්දුවට පහර දෙමින් සිටියදීයි කලාතුරකින් දකින්න ලැබෙන මෙම අසාමාන්‍ය පන්දුව සන්රයිසස් කණ්ඩායමේ විජයි ශන්කර් විසින් යොමු කළේ.

ඒ, දිල්ලි ඉනිමේ 13 වන පන්දුවාරයේ දී යි.

කෙසේ වෙතත්, අදාළ පන්දුව නිපන්දුවක් ලෙස සටහන් කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

ශන්කර් යවනු ලැබූ අදාළ පන්දුව තණතීරුවේ පතිත නොවී කෙළින්ම පිතිකරුවාගේ පිත්ත වෙත පැමිණීයේ මීටර් ගණනාවක් ඉහළ අහසේ පන්දුව පියාසර කිරීමෙන් අනතුරුවයි.

බොහෝ දෙනෙකුට සිනහවක් ගෙන ආ මෙම සිදුවීම මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට ලක් වූ සිදුවීමක් බවට ද පත්ව තිබෙනු දක්නට ලැබෙනවා.

Leave a comment