Ultimate magazine theme for WordPress.

වෙලෝසිටි පිලට එරෙහි චමරි අතපත්තුගේ ඉනිම 44 (39)

ADVERTISEMENT

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙවරත් පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 අභියෝගතා ක්‍රිකට් තරගාවලිය (Women’s T20 Challenge) අද සාජා හී දී ආරම්භ වුණා.

ඒ, සුපර්නෝවස් සහ වෙලෝසිටි කණ්ඩායම් අතර තරගයත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු පන්දු 39කින් ලකුණු 44ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින්.

(දර්ශන මෙතනින් නරඹන්න)

ශෂිකලා සිරිවර්ධන ද ලකුණු 18ක් ලබා ගත්තා.

මෙවර තරගාවලියට ද Supernovas, Trailblazers සහ Velocity යනුවෙන් කණ්ඩායම් 3ක් එක්වන අතර, එම කණ්ඩායම්වල නායිකාවන් ලෙස පිළිවෙලින් හර්මන්ප්‍රීට් කෝවුර්, ස්ම්රිටි මන්දනා සහ මිතාලි රාජ් කටයුතු කරනවා.

Leave a comment