වීදුරුවකට හානි කළ ගේල්ගේ දැවැන්ත හයේ පහර

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලිය ඊයේ(26) ආරම්භ වුණා.
තරගාවලියේ ආරම්භක දිනයේ දී පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට සමත් වුණේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම හා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමයි.
ඔවුන් හමුවේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් හා බාර්බඩෝස් රෝයල්ස් යන කණ්ඩායම් පිළිවෙලින් පරාජයට පත් වුණා.
ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම හා බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ තරගාවලියේ දෙවැනි තරගය ලෙසයි.
මෙම තරගයෙන් පැට්‍රියෝට්ස් කණ්ඩායම ලකුණු 21ක ජයක් වාර්තා කළ අතර, එහිදී සමාජජාලා මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පිතිකරුවා බවට පත් වුණේ ක්‍රිස් ගේල්.
ඒ, ඔහු මෙම තරගයේ දී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම නිසානම් නොවේ; ඔහු එල්ල කළ දැවැන්ත හයේ පහරකින් ක්‍රීඩාංගනයේ තිබූ වීදුරුවකට සිදු වූ හානි වීමක් නිසායි.
ජේසන් හෝල්ඩර් යොමු කළ පන්දුවකටයි ගේල් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.
කෙසේ වෙතත්, මෙම ඉනිමේ දී ගේල් ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි.
Chris Gayle hit a powerful six against Jason Holder 📸❤️#ChrisGayle #CPL21 #CPL2021pic.twitter.com/QLzdfbjoZ5
— ABDULLAH NEAZ (@AbdullahNeaz) August 27, 2021