රිස්වාන් සම්පූර්ණයෙන් අසරණ කරමින් මුස්ටෆිසුර් දවා ගත් සුපිරි කඩුල්ල ( video )

බංග්ලාදේශ කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තරග 03 කින් යුත් 20යි විස්ස තරගාවලිය අද (19) ඩකා නුවර මීර්පූර් හී ෂෙරී බංග්ලා ක්රීඩා පිටියේදි ආරම්භ වුණේ පාකිස්තානයට කඩුලු 4ක ජයක් හිමි කර දෙමින්.
Match Report – ප්රබල සටනකින් පසු පාකිස්තානයට කඩුලු 4ක ජයක්
කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දුන් අතර, ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 127 ක් රැස් කළා.
ලකුණු 128 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාවක් බංග්ලාදේශයෙන් හිමිවූයේ නැහෑ.
මෙම ඉනිමේ දී පාකිස්තාන මුල් පෙල පිතිකරුවන්ගේ අසාර්ථක වීම කැපී පෙනෙණු අතර, මුළු ලකුණු පුවරුව 16 ක්ව තිබියදී මෙම වසරේ සාර්ථකම විස්සයි විස්ස පිතිකරුවා වන මොහොමඩ් රිස්වාන්ව ලකුණු 11 කට දවා ගැනීමට මුස්ටෆිසූර් රෙහ්මාන් සමත්වුණා. (දර්ශන පහතින්)
ඒ, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්.
නායක බාබර් අසාම් ලකුණු 7කටත්, හෙයිදර් අලී හා ෂොයිබ් මලික් ලකුණු නොලබාත් දැවී ගියා.
Mustafizur Rahman bowled Mohammad Rizwan #BANvPAK #Mustafizur #Pakistani #rizwan pic.twitter.com/cUtvJUJULH
— অপ্রত্যাশিত (@sayed_mozumdar) November 19, 2021