බිනුර ප්‍රනාන්දු ගුවනේ පාවී රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න
Video

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවැනි 20යි 20 තරගයේ දී සුපිරි උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කිරීමට බිනුර ප්‍රනාන්දු සමත් වුණා.
ඒ, නායක සීෂන් මක්සූද්ගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙනුයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට ඕමානයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 15 දී ද, දෙවැනි කඩුල්ල ලකුණු 36දී ද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
තෙවැනි කඩුල්ල ලෙස සීෂන් මක්සූද් දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 75ක්ව තිබියදීයි.
ඒ වන විට ඔහු හයේ පහර 2ක් සමගින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16(8)ක්.
මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ බිනුර ප්‍රනාන්දු ගුවනේ පාවී රැක ගත් සුපිරි උඩ පන්දුව හේතුවෙනුයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමානය සිය ඉනිම නිමා කළේ පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින්.
That’s a stunning catch#Binura 😍 pic.twitter.com/z2AODvD2YJ
— cric sl (@cricslvideo) October 9, 2021