ඓතිහාසික ජයග්‍රහනයෙන් පසු බබාර් අසාම්ගේ පියා සංවේදී වූ අයුරු මෙන්න

ඉන්දියාවට එරෙහිව ඊයේ(24) දිනයේ දී පාකිස්තාන කණ්ඩායම ඓතිහාසික ජයක් වාර්තා කළ බව ඔබ දැනටමත් දන්නවා.
කඩුලු 10කින් ලැබූ එම ජයග්‍රහනය වඩාත් වැදගත් වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ දී පාකිස්තාන කණ්ඩායම විසින් ඉන්දියාව පරාජයට පත් කළ පළමු අවස්ථාව වන බැවින්.
එම සුවිශේෂී ජයග්‍රහනය පාකිස්තානයට හිමි කර දීමට නායකත්වය දෙනු ලැබුවේ සුපිරි පිතිකරු බබාර් අසාම්.
නායකයෙකු ලෙස පිත්තෙන් ද සිය කණ්ඩායමට උපරිම සේවයක් ඉටු කළ ඔහු මෙම තරගයේ දී මොහොමඩ් රිස්වාන් සමග පළමු කඩුල්ලට නොබිදුණු ලකුණු 152ක සබදතාවයක් ද ගොඩ නැගුවා.
ලෝක කුසලාන තරගයකදී ඉන්දියාව පරාජය කිරීමට කිසිදු පාකිස්තාන නායකයෙකුට නොහැකි වී තිබූ පසුබිමක බබාර් අසාම් එම ඉතිහාසය වෙනස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය කිසිදු පාකිස්තාන ප්‍රේක්ෂකයෙකුට කිසිදා අමතක කළ නොහැකි වනු ඇත.
මෙම ජයග්‍රහනය ලබා දීමට මූලික වූ බබාර් අසාම්ගේ පියාට ද එය පොදුයි.
පාකිස්තානය තරගය ජය ගැනීමෙන් අනතුරුව ඔහු ඉතා සංවේදී වූ අවස්ථාවකට අදාළ දර්ශන මේ වන විට ලොව පුරා සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
එම දර්ශන පහතින් නරඹන්න –
This is Babar Azam’s father. So happy for him. I first met him in 2012 at Adnan Akmal’s walima. Babar at that time was 3 years away from Pakistan debut. I clearly remember what his father told me “bas debut ho jane do. Agay sara maidaan babar ka hai” pic.twitter.com/ZlsvODQkSg
— Mazher Arshad (@MazherArshad) October 24, 2021