අඩිල් රෂීඩ්ගේ පන්දුවකට විරාට් කෝලි අදත් 0 ට දැවී ගිය හැටි

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය අද(12) අහ්මදාබාද් හී දී ආරම්භ වුණා.
ඒ, දෙරට පැවති ටෙස්ට් තරගාවලිය තරග 3 – 1 ක් ලෙස පසුගියදා ඉන්දිය කණ්ඩායම ජය ගෙන ඇති පසුබිමක් තුළයි.
පළමු 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා.
කෙසේ වෙතත්, ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබුණේ නැහැ.
පළමු කඩුල්ල ලෙස එක් ලකුණක් පමණක් ලබා සිටි කේ.එල්. රාහුල් දැවී ගියේ ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේයි.
නායක විරාට් කෝලීට අද තරගයේදී කිසිදු ලකුණක් ලබාගැනීමට හැකියාවක් නොලැබීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.
අඩිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් ජෝර්ඩන් අතට පහසු උඩ පන්දුවක් ලබාදීමෙනුයි කෝලි අද දැවී ගියේ.
එය ඔහු ජාත්‍යන්තර පිටියේ ලකුණු නොලබා දැවී ගිය 28 වන අවස්ථාවයි.
එමෙන්ම අවසන් ඉනිම් 5 තුළ කෝලි ලකුණු නොලබා දැවී ගිය තෙවන අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.