Ultimate magazine theme for WordPress.

අඛණ්ඩව පන්දු 3කින් තෙවරක් දැවී ගිය පෝප්

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්  ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ (25) ආරම්භ කරන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් රැස්කරගෙන සිටියා.

ලකුණු 91 ක් රැස්කරගනිමින් සිය දෙවන ටෙස්ට් ශතක ආසන්නයේ සිටි ඕලී පෝප්ව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගන්නට ශැනන් ගේබ්‍රියෙල් සමත්වුණත් එය නිපන්දුවක් වූ බැවින් එය දැවී යාමක් බවට තීන්දු කෙරුණේ නැහැ.

එම පන්දුවාරයේම ඊළඟ පන්දුවේදීම (6 වන පන්දුවේදී) ඔලී පෝප් උඩපන්දුවක් ලබා දුන්නද ස්ලිප් ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි රකීම් කෝන්වෝල් එය රැකගැනීමට සමත් නොවීම විශේෂත්වයක්.

එයින් අධෛර්යමත් නොවන කඩුලු පිපාසයෙන් සිටි ශැනන් ගේබ්‍රියෙල් සිය මීළග පපන්දුවාරයේ යොමුකරන පළමු පන්දුවෙන්ම ඔලී පොප්ගේ කඩුල්ල දවා ගන්නවා.

ඒ අනුව සිය දෙවන ටෙස්ට් ශතකය ආසන්නයේ සිටි ඔලී පෝප් ඉතාමත් අවාසනාවන්ත ලෙස ලකුණු  91 කට දැවී ගියා.

එම අවස්ථාව පහතින් නරඹන්න  –