“නවසීලන්තයේ වෛරීම පියා මම වෙලා” – ස්ටොක්ස්ගේ පියා කියූ කතාව

0 421

මේ වන විට නවසීලන්තය තුළ වැඩිම වෛරයට පාත්‍ර වී ඇති පියා බවට තමා පත්ව ඇතැයි තමාට සිතෙන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පියා වන Gerard Stokes පවසනවා.

ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී නවසීලන්තයෙන් ශූරතාවය උදුරා ගැනීමට බෙන් ස්ටොක්ස් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

බෙන් ස්ටොක්ස් නවසීලන්තයේ උපන් පුද්ගලයෙකු වන අතර, පසුව ඔහු එංගන්තයේ පදිංචියට පැමිණියා.

ඒ, ඔහුගේ පියා වන නවසීලන්ත ජාතික Gerard Stokes එංගලන්ත රග්බි ක්‍රීඩා සමාජයක පුහුණුකරුවෙකු ලෙස පත්වීමත් සමගයි.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 84ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළ බෙන් ස්ටොක්ස්  සුපිරි පන්දුවාරයේ දී ද ලකුණු 8ක් ලබා ගනිමින් එංගලන්තයට ලෝක ශූරතාවය දිනා ගැනීම සදහා සුවිශාල මෙහෙයක් ඉටු කළා.

මේ සම්බන්ධයෙන් හාස්‍යජනක අදහසක් දක්වමින් ඔහුගේ පියා වන Gerard Stokes පැවසුවේ මේ වන විට තමා නවසීලන්ත ජාතිකයින්ගේ වඩාත් වෛරයට පාත්‍ර වී ඇති පියා බවට පත්ව ඇතැයි සිතෙන බවයි.

කෙසේ වෙතත්, තරගයේ ප්‍රතිපලය කුමක් වුව ද නවසීලන්ත ජාතිකයින්ගෙන් තමාට සුබ පැතුම් අඛණ්ඩව ලැබෙමින් පවතින බව ද ඔහු කියා සිටියා.

You might also like

Leave A Reply

Your email address will not be published.