Ultimate magazine theme for WordPress.

IPL වලට වඩා ලංකා ප්‍රිමියර් ලීගය ප්‍රතිපල දායකයි : ඩේල් ස්ටේන්

ලංකා ප්‍රිමියර් ලීග් සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම තුළින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වඩා අගනා ප්‍රතිපල ලබා ගත හැකි බව දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් පවසනවා.

ඩේල් ස්ටේන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබූ නමුත්, ඔහු සෙසු ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වන විට ඩේල් ස්ටේන් පාකිස්තානයේ රැදී සිටින්නේ ද පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ක්වෙට්වා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහායි.

අයි.පී.එල් තරගාවලිය මූල්‍ය ක්ෂේත්‍රයට වැඩි අවධානයක් ලබා දීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව අමතක වන තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙන කරුණක්.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් හෝ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියන්හි ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ඔහුගේ අදහසයි.

ඒ අනුව අනෙක් ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීම තුළින් ක්‍රීඩකයෙකුට වඩා  ප්‍රතිපල ලබා ගත හැකි බවයි ඩේල් ස්ටේන් පෙන්වා දෙන්නේ.

අයි.පී.එල් තරගාවලියේ දීර්ඝ බව ද තමා එම තරගාවලියෙන් ඉවත් වීමට ගත් තවත් හේතුවක් බවත්, තමාට විවේකයක් ලබා ගැනීමේ අරමුණින් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බවත් ඔහු කියා සිටියා.

Leave a comment