Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටව යයි

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද(16) දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර, කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ උප නායකයා ලෙසයි පත් කර ඇත්තේ.

බංග්ලාෙද්ශයට ළගා වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දින 3ක කාලයක් නිරෝධායනයට ලක්වීමට නියමිතව ඇති අතර, අනතුරුව පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වනදා පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙනු ඇති.

පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 29 වනදා යළි ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා සංචිතය –

Kusal Janith Perera (C), Kusal Mendis (VC), Danushka Gunathilaka, Dhananjaya De Silva, Pathum Nissanka, Dasun Shanaka, Ashen Bandara, Wanindu Hasaranga, Isuru Udana, Akila Dananjaya, Niroshan Dickwella, Dushmantha Chameera, Ramesh Mendis, Asitha Fernando, Lakshan Sandakan, Chamika Karunaratne, Binura Fernando, Shiran Fernando

Leave a comment