Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන් ප්‍රබල 20යි 20 හා එක්දින සංචිතයක් නම් කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් 20යි 20 සහ එක්දින තරගාවලි සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් 20යි 20 සංචිතයට ක්‍රිස් ගේල් සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් කැදවා තිබීම විශේෂත්වයක්.

20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් අතර, ඊට Akeal Hosein සහ Kevin Sinclair පළමු වරට කැදවා තිබෙනවා.

එක්දින සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

ඇන්ඩ්‍රි රසල් කිසිදු සංචිතයකට නම් කර නොමැති අතර, ශාරීරික යෝග්‍යතාව අවශ්‍ය මට්ටමට නොමැති වීම හේතුවෙන් ෂෙල්ඩන් කොට්‍රෙල්, ඔෂේන් තෝමස්, ශිම්රන් හෙට්මයර් සහ රොස්ටන් චේස් සංචිතවලට නම් කිරීම සදහා සලකා බලා නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී ආරම්භ වීමට නියමිතයි.

T20I squad:

Kieron Pollard (c), Nicholas Pooran, Fabian Allen Dwayne Bravo, Fidel Edwards, Andre Fletcher, Chris Gayle, Jason Holder, Akeal Hosein, Evin Lewis, Obed McCoy, Rovman Powell, Lendl Simmons, Kevin Sinclair.

ODI squad:

Kieron Pollard (c), Shai Hope, Fabian Allen, Darren Bravo, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Evin Lewis, Kyle Mayers, Jason Mohammed, Nicholas Pooran, Romario Shepherd, Kevin Sinclair.

Leave a comment