Ultimate magazine theme for WordPress.

විරාට් කෝලිට ලක්ෂ 30ක දඩ පනවයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිට දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ(24) කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග පැවැති තරගයේ දී බැංගලෝර් කණ්ඩායම නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

ඔවුන් පන්දුවාර 20 යැවීම සදහා පැය 1 මිනිත්තු 51ක කාලයක් වැය කර තිබුණා.

මෙය ඔවුන්ගේ කණ්ඩායම මෙවර තරග වාරයේ දී එම වරද සිදු කළ පලමු අවස්ථාවයි.

ඒ අනුව අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් කණ්ඩායමේ නායක විරාට් කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක) දඩ මුදලක් පැනවූ බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

 

Leave a comment