Ultimate magazine theme for WordPress.

පැරදුණු දෝනිට ලක්ෂ 32ක දඩයක්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, මෙවර තරග වාරය යටතේ ඊයේ(10) පැවැති දෙවැනි තරගයේ දී ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව නියමිත කාලය තුළ පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී චෙන්නායි කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් දෝනිට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 32ක පමණ අගයක් වනවා.

කැපිටල්ස් කණ්ඩායමට එරෙහි අදාළ තරගයෙන් සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට ද පත් වුණා.

Leave a comment