Ultimate magazine theme for WordPress.

දසුන් ශානක ප්‍රංශය හරහා කොදෙව් දේශයට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන 7 වනදා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ප්‍රංශය හරහා ඔහු කොදෙව් දේශය බලා පිටත්ව යන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇති.

අමෙරිකානු වීසා ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙනුයි ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග කොදෙව් දේශය බලා පිටව යාමට නොහැකි වුණේ.

20යි 20 තරගාවලියේ දී නායකත්වය පවා දැරීමට නියමිතව සිටි දසුන් ශානකට ඒ හේතුවෙන් 20යි 20 තරගාවලියම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වුණා.

Leave a comment