Ultimate magazine theme for WordPress.

දශකයේ ICC සම්මානලාභීන්ගේ නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවෙන් 4ක්

පසුගිය දශකයක කාලය තුළ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය පිරිනමන සම්මාන සදහා වන නිර්දේශිත නාම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු ද නිර්දේශිත වී තිබීම විශේෂත්වයක්.

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශිත වී ඇති නම් අතරට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ද ඇතුළත්.

එම සම්මානය සදහා නිර්දේශිත සෙසු ක්‍රීඩකයින් වන්නේ විරාට් කෝලි, රවිචන්ද්‍රන් අශ්වින්, ජෝ රූට්, කේන් විලියම්සන්, සටීව් ස්මිත් සහ ඒ.බී ඩි විලියස්.

දශකයේ එක්දින ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නම් කර තිබීම ද විශේෂත්වයක්.

කුමාර් සංගක්කාර සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එලෙස එම සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

දශකයේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වී ඇත්තේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

ඊට අමතරව දශකයේ 20යි 20 ක්‍රීඩකයා සදහා ලසිත් මාලිංග නිර්දේශ කර තිබෙනවා.

දශකයේ ක්‍රීඩාවේ ජීව ගුණයට හිමි සම්මානයට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ද නිර්දේශ කර ඇති අතර, එම සම්මානය සදහා නිර්දේශිත නම් ප්‍රමාණය 9ක්.

සම්මාන සදහා නිර්දේශිත නාම පහතින් –

Men’s player of the decade: Virat Kohli (India) Ravichandran Ashwin (India), Joe Root (England), Kane Williamson (New Zealand), Steve Smith (Australia), AB de Villiers (South Africa), and Kumar Sangakkara (Sri Lanka).

Women’s Player of the Decade: Ellyse Perry (Australia), Meg Lanning (Australia), Suzie Bates (New Zealand), Stafanie Taylor (West Indies), Mithali Raj (India), Sarah Taylor (England).

Men’s ODI Player of the Decade: Virat Kohli (India), Lasith Malinga (Sri Lanka), Mitchell Starc (Australia), AB de Villiers, Rohit Sharma (India), MS Dhoni (India), and Kumara Sangakkara (Sri Lanka).

Women’s ODI Player of the Decade: Meg Lanning (Australia), Ellyse Perry (Australia), Mithali Raj (India), Suzie Bates (New Zealand), Stafanie Taylor (West Indies) and Jhulan Goswami (India).

Men’s Test Player of the Decade: Virat Kohli (India), Kane Williamson (New Zealand), Smith, James Anderson (England), Rangana Herath (Sri Lanka), and Yasir Shah (Pakistan).

Men’s T20I Player of the Decade: Rashid Khan (Afghanistan), Virat Kohli (India), Imran Tahir (South Africa), Aaron Finch (Australia), Lasith Malinga (Sri Lanka), Chris Gayle (West Indies), and Rohit Sharma (India).

ICC Spirit of Cricket Award of the Decade: Virat Kohli (India), Kane Williamson (New Zealand), Brendon McCullum (New Zealand), Misbah-ul-Haq (Pakistan), MS Dhoni (India), Anya Shrubsole (England), Katherine Brunt (England), Mahela Jayawardene (Sri Lanka), and Daniel Vettori (New Zealand).

Leave a comment