Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට නව නායකයින් දෙදෙනෙක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සදහා නව නායකත්ව පත් කිරීම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් නායකත්වය ඩීන් එල්ගර්ට හිමිව ඇති අතර, සීමිත පන්දුවාර තරගවලදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටෙම්බා බවුමාටයි.

ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද ටෙම්බා බවුමා පත් කර ඇති බව සදහන්.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ බවුමා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ද්විත්වයේ දී සහ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිත බවයි.

මේ අතර, ඩීන් එල්ගර් ඉදිරි ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී කණ්ඩායම මෙහෙයවනු ඇති.

මෙතෙක් එරට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ක්වෙන්ටන් ඩී කොක්.

Leave a comment