Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ක්‍රීඩකයා සහ සෞඛ්‍ය නිළධාරිණියගේ සිද්ධිය ගැන පරීක්ෂණ ඇරඹේ

මේ දිනවල පැවැත්වෙන එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ කණ්ඩායම සමග රැදී සිටින කාන්තා සෞඛ්‍ය නිළධාරිණියක නුසුදුසු ලෙස හැසුරුණු බවට පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අදාළ පුවතේ බරපතලකම පිළිබද සලකා බලා එහි නිවැරැදිතාවය දැන ගැනීමේ අරමුණින් එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මැල් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කළ බවයි.

කණ්ඩායම් කළමනාකරු සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, අදාළ සිද්ධිය පිළිබද පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවට හදුනා ගතහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් සදහන් කර සිටියා.

වැරදි හැසිරීම්වලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියක් බව සිහිපත් කළ ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ වරදකරු බවට සනාථ වුවහොත් ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave a comment