“හැමෝටම ක්‍රිකට් ක්‍රීඩාවේ අයිතිය සහතික කිරීමටයි ආවෙ” – සංගා

0 233

ක්‍රිකට් ක්‍රීඩාව සදහා සෑම කෙනෙකුටම අයිතියක් පවතින බව මාරිලිබෝන් ක්‍රිකට් සමාජය හෙවත් එම් සී සී හි සභාපති කුමාර් සංගක්කාර මහතා පවසනවා.

සංගක්කාරගේ නායකත්වයෙන් යුත් එම් සී සී කණ්ඩායම මේ දිනවල පාකිස්තානයේ රැදී සිටින අතර, ලාහෝර් නුවර දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එම් සී සී කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ අරමුණ වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ අයිතිය සියලු දෙනාට ලබා දීම සහතික කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාව භාර ගැනීම සදහා තරුණ පිරිසක් බිහි විය යුතු බවත්, දීර්ඝ කාලයක් තම රට තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග නොපැවැත්වීමෙන් එම තත්ත්වය ගිලිහී යාමට ඉඩ ඇති බවත්, සංගක්කාර සදහන් කරනවා.

“ඔබ පාකිස්තානයේ බොහෝ ක්‍රිකට් තරග ක්‍රීඩා කරනවානම් තරුණ ළමයින්ට සහ විශිෂ්ඨ පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට තමන්ගේ කණ්ඩායම, ක්‍රීඩකයින්ව තමන් ඉදිරියේ දී ම නැරඹීමට හැකි වෙනවා”

යනුවෙන් සංගක්කාර සදහන් කළා.

පාකිස්තානයේ ආරක්ෂාව සුදුසු මට්ටමක පවතින බව පවසනවාට වඩා එය එරට තුළ ක්‍රීඩා කිරීම ඔස්සේ ලොවට පෙන්වා දීම වැදගත් බව ඔහුගේ අදහසයි.

“කිහිපවරක්ම කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම තුළින් ඒ පණිඩිඩය ශක්තිමත් වනවා. ඒ වගේම එම පණිවිඩය බැහැර කිරීමට නොහැකි තත්ත්වයකට පත් වෙනවා.”

එම් සී සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම පාකිස්තානයට පැමිණියේ ඊයේ(14) දිනයේ දී යි.

ඒ, එක්දින තරගයකට සහ 20යි 20 තරග තුනකට ක්‍රීඩා කිරීමේ අරමුණින්.

පළමු 20යි 20 තරගය අද ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

MCC Pakistan Tour Schedule :

  • Friday 14th February – Lahore Qalandars v MCC (T20)
    Gaddafi Stadium, 5.00pm PKT/12.00noon GMT
  • Sunday 16th February – Pakistan Shaheens v MCC (50 overs)
    Aitchison College, 9.30am PKT/4.30am GMT
  • Monday 17th February – Northern v MCC (T20)
    Aitchison College, 12.30pm PKT/7.30am GMT
  • Wednesday 19th February – Multan Sultans v MCC (T20)
    Aitchison College, 12.30pm PKT/7.30am GMT)
You might also like

Leave A Reply

Your email address will not be published.