Copa América : පරාජයෙන් පසු උරුගුවේ ක්‍රීඩකයින් හා කොලොම්බියා ප්‍රේක්ෂකයින් අතර ගැටුමක්
කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කොලොම්බියාව හමුවේ උරුගුවේ කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් වීමෙන් පසුව උරුගුවේ ක්‍රීඩකයින් හා කොලොම්බියානු ප්‍රේක්ෂකයින් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ North Carolina හි Charlotte හී දී මෙරට වේලාවෙන් අද(11) පෙරවරුවේ පැවැති තරගයෙන් අනතුරුව උරුගුවේ ක්‍රීඩකයින් ප්‍රේක්ෂකාගාරවලට කඩා වැදී මෙලෙස කොලොම්බියානු ප්‍රේක්ෂකයින් සමග ගැටුමක නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
Liverpool කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන උරුගුවේ හි Darwin Nunez ද ප්‍රේක්ෂකාගාර තුළ දී ප්‍රේක්ෂකයින්ට පහර දෙන ආකාරය දැක ගත හැකි වුණා. (දර්ශන කිහිපයක් පහතින්)
මෙම ගැටුමට අදාළ දර්ශන මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය දැක ගත හැකි අතර, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කළ බවයි.
උරුගුවේ ක්‍රීඩක Jose Maria Gimenez සදහන් කර ඇත්තේ තරගය නැරඹීමට පැමිණ සිටි සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව පිළිබද ඇති වූ ගැටලු මත මෙම ගැටුම හට ගත් බවයි.
“මේක මහ විපතක්. අපේ පවුල අනතුරේ හිටියේ. අලුත උපන් බිළිඳුන් සමඟ අපේ ආදරණීයන් පිටතට ගන්න අපිට ප්‍රේක්ෂකාගාරවලට යන්න වුණා. එක පොලිස් නිලධාරියෙක්වත් හිටියෙ නෑ” යනුවෙන් ඔහු කියා සිටියා.
තරගාවලියේ සංවිධායකයින් වන දකුණු ඇමෙරිකානු පාපන්දු පාලක මණ්ඩලය (CONMEBOL) ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාපන්දු ක්‍රීඩාවට බලපාන ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් තරයේ හෙළා දකින බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත්, ඔවුන් සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා.
After defeat to Colombia, Uruguayan players entered the stands at Bank of America Stadium and began to throw punches. Liverpool forward Darwin Nunez amongst those at the forefront. pic.twitter.com/VE3unKObSa
— Kyle Bonn (@the_bonnfire) July 11, 2024
This is best video of the whole situation filmed by @qc_javi. The Uruguayan players are clearly telling the Colombian fans, “with family no, with family no.” And then all hell breaks lose.
This is the clearest video of the incident. #SoyCeleste #Celeste #CopaAmerica… pic.twitter.com/0sfJVBfPFW
— Favian Renkel (@FavianRenkel) July 11, 2024
A few Uruguayan players are now in the stands fighting with Colombian supporters. #CopaAmerica
— Zac (@zacvoynow) July 11, 2024
Darwin Nunez and the Uruguayan players were defending their families from Columbia fans! ❤️🥹 pic.twitter.com/m3oXVLJnqg
— Football Fights (@footbalIfights) July 11, 2024