විලියම්ස්ගෙන් ශතකයක් – සිම්බාබ්වේ 352/6 : Day 1 Report

0 641

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තරගයේ පළමු දිනය අද (27) නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 352ක් ලබා සිටියා.

සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ නායක ෂෝන් විලියම්ස් ලකුණු 107ක් රැස් කළා.

සිකන්ඩ රාසා ලකුණු 72යි.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව කසුන් රාජිත වෙනුවට විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැදවා තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම ද මෙම තරගය සදහා එක් වන්නේ වෙනස්කම් දෙකක් සමගින්.

තරගය හරාරේ හී දී පැවැත්වෙනවා.

තරගයේ ලකුණූ සටහන –

You might also like

Leave A Reply

Your email address will not be published.