WTC අවසන් තරගයට දකුණු අප්‍රිකා සංචිතයත් නම් කෙරේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.
ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
මත්ද්‍රව්‍ය ලබා ගත් බවට අනාවරණය වීම හේතුවෙන් මසක ක්‍රිකට් තහනමකට ලක්ව සිටි කාගිසෝ රබාඩා ද සංචිතයට නම් කර තිබෙනවා.
දකුණු අප්‍රිකා සංචිතයට වේග පන්දු යවන්නන් හය දෙනෙකු ඇතුළත් අතර, දග පන්දු යවන්නන් දෙදෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අවසන් තරගය ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
SA squad: Temba Bavuma (c), David Bedingham, Corbin Bosch, Tony de Zorzi, Marco Jansen, Keshav Maharaj, Aiden Markram Wiaan Mulder, Senuran Muthusamy, Lungi Ngidi, Dane Paterson, Kagiso Rabada, Ryan Rickelton, Tristan Stubbs, and Kyle Verreynne