Ultimate magazine theme for WordPress.

WPL Auction : ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩිකාවන් 10 දෙනා හා සංචිත 5

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය මුම්බායි හී දී අද (13) රාත්‍රියේ අවසන් වුණා.

වෙන්දේසියේ දී ක්‍රීඩිකාවන් 87 දෙනෙකු අලෙවි වූ අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩිකාවන් 30 දෙනෙකු ඇතුළත්.

ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා කණ්ඩායම් 5 විසින් වියදම් කර ඇති මූල්‍ය වටිනාමක ඉන්දීය රුපියල් 59,50,00,000 ක්.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඉන් ඉදිරිපත් කෙරුණේ චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී හා ඉනෝකා රණවීර පමණයි. එම ක්‍රීඩිකාවන් මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූයේ  ඉන්දීය ක්‍රීඩිකා ස්ම්රිති මන්දනා. ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක් යටතේ ඇය වෙන්දේසියට ඉදිරිපත්ව සිටි අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 3.4 ක ලංසු මුදලකටයි ඇයව මිලදී ගනු ලැබුවේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15ක පමණ අගයක් වනවා.

දෙවැනි වැඩිම වටිනාකමක් යටතේ අලෙවි වූයේ ඔස්ට්‍රේලියාවේ Ashleigh Gardner. ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඇයව ඉන්දීය රුපියල් කෝටි 3.2 ක මුදලකට මිලදී ගනු ලැබුවා. වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

එංගලන්තයේ Natalie Sciver ද එම ලංසු මුදලටම මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළා.

වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩිකාවන් 10 දෙනා – (මිල ගණන් ඉන්දීය රුපියල්වලින් දක්වා ඇත)

  1. Smriti Mandhana (India) – RCB : ₹3,40,00,000
  2. Ashleigh Gardner (AUS) – GG : ₹3,20,00,000
  3. Natalie Sciver (ENG) – MI : ₹3,20,00,000
  4. Deepti Sharma (IND) – UPW : ₹2,60,00,000
  5. Jemimah Rodrigues (IND) – DC : ₹2,20,00,000
  6. Beth Mooney (AUS) – GG : ₹2,00,00,000
  7. Shafali Verma (IND) – DC : ₹2,00,00,000
  8. Pooja Vastrakar (IND) – MI : ₹1,90,00,000
  9. Richa Ghosh (IND) – RCB : ₹1,90,00,000
  10. Sophie Ecclestone (ENG) – UPW : ₹1,80,00,000

සංචිත 5 –

Royal Challengers Bangalore

Smriti Mandhana, Sophie Devine, Ellyse Perry, Renuka Singh, Richa Ghosh, Erin Burns, Heather Knight, Dane van Niekerk, Megan Schutt, Disha Kasat, Indrani Roy, Shreyanka Patil, Kanika Ahuja, Asha Shobana, Preeti Bose, Poonam Khemma, Komal Zanzad, Sahana Pawar

Mumbai Indians

Harmanpreet Kaur, Nat Sciver-Brunt, Amelia Kerr, Pooja Vastrakar, Yastika Bhatia, Heather Graham, Issy Wong, Amanjot Kaur, Dhara Gujjar, Saika Ishaque, Hayley Matthews, Chloe Tryon, Humairaa Kaazi, Priyanka Bala, Sonam Yadav, Jintimani Kalita, Neelam Bisht

Gujarat Giants

Ashleigh Gardner, Beth Mooney, Sophia Dunkley, Annabel Sutherland, Harleen Deol, Deandra Dottin, Sneh Rana, S Meghana, Georgia Wareham, Mansi Joshi, D Hemalatha, Tanuja Kanwar, Monica Patel, Sushma Verma, Hurley Gala, Ashwani Kumari, Parunika Sisodia, Shabnam MD

UP Warriorz

Sophie Ecclestone, Deepti Sharma, Tahlia McGrath, Shabnim Ismail, Alyssa Healy (wk), Anjali Sarvani, Rajeshwari Gayakwad, Parshavi Chopra, Shweta Sehrawat, S Yashasri, Kiran Prabhu Navgire, Grace Harris, Devika Vaidya, Lauren Bell, Laxmi Yadav (wk), Simran Shaikh

Delhi Capitals:

Jemimah Rodrigues, Meg Lanning, Shafali Verma, Radha Yadav, Shikha Pandey, Marizanne Kapp, Titas Sadhu, Alice Capsey, Tara Norris, Laura Harris, Jasia Akther, Minnu Mani, Taniya Bhatia, Jess Jonassen, Sneha Deepthi, Poonam Yadav, Arundhati Reddy, Aparna Mondal