WPL ශූරතාවය දෙවැනි වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

දෙවැනි වරටත් කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 8ක ජයක් වාර්තා කරමින්.
Brabourne හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 7 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.
නායිකා Harmanpreet Kaur ලකුණු 66(44) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී Marizanne Kapp, Jess Jonassen හා Shree Charani කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලියට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.
Marizanne Kapp ලකුණු 40 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී Nat Sciver-Brunt කඩුලු 3 ක් දවා ගත්තා.