Women’s T20I Rankings : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ඉදිරියට

නවතම අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) නිවේදනය කළා.
ඊට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඒ, මෙවර විස්සයි 20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.
තරගාවලියේ දී මේ දක්වා අපරාජිත කණ්ඩායමක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාව පළමු තරග දෙකේ දී බංග්ලාදේශය හා මැලේසියාව පරදා විශිෂ්ඨ ජයග්‍රහන වාර්තා කළා.
එහිදී පන්දු යැවීමෙන් කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ඉනෝෂි ප්‍රියදර්ශනී හා උදේශිකා ප්‍රබෝදනී පන්දු යවන්නියන් අතර ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඉනෝෂි මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකේ දී කඩුලු 3 ක් දවා ගත් අතර, ඇය විස්සයි 20 පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඇයට ශ්‍රේණිගත ලකුණු 729 ක් හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ පසුවන එංගලන්තයේ Sophie Ecclestone ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 772 ක්.
එමෙන්ම උදේශිකා ප්‍රබෝදනී 30 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව සිටිනවා.
මේ අතර, මැලේසියාවට එරෙහිව වාර්තාගත ශතකයක් වාර්තා කළ චමරි අතපත්තු තවදුරටත් පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
හර්ෂිතා සමරවික්‍රම 23 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, විශ්මි ගුණරත්න 51 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 7 කින්.