Women’s T20 Asia Cup : ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තරගාවලිය ජූලි 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ රටවල් 8ක සහභාගීත්වයෙන්.
තරගාවලියේ පළමු තරගය ජූලි 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම හා නේපාල කාන්තා කණ්ඩායම අතර පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එදිනම රාත්‍රී 7:00 ට ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ එළඹෙන 20 වැනිදා රාත්‍රී 7:00 ට බංග්ලාදේශයට එරෙහිවයි.
තරගාවලියේ දී ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නේපාලය යන රටවල් A කාණ්ඩය යටතේ ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව හා තායිලන්තය B කාණ්ඩය යටතේ ද තරග වැදීමට නියමිතව තිබෙනවා. තරගාවලියට ඇතුළත් සමස්ථ තරග සංඛ්‍යාව 15 ක්.
ශ්‍රී ලංකා සංචිතය –
1. Chamari Athapaththu – Captain
2. Vishmi Gunaratne
3. Harshitha Samarawickrama
4. Hasini Perera
5. Kavisha Dilhari
6. Nilakshi de Silva
7. Anushka Sanjeewani
8. Sugandika Kumari
9. Udeshika Prabodhani
10. Achini Kulasuriya
11. Inoshi Priyadharshani
12. Kawya Kavindi
13. Sachini Nisansala
14. Shashini Gimhani
15. Ama Kanchana