Ultimate magazine theme for WordPress.

Women’s T20 Asia Cup : පාකිස්තානයට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්

Match Report

කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද(23) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 103 ක් ලබා ගත්තා.

Theertha Satish ලකුණු 40 ක් රැස් කළ අතර, Sadia Iqbal, Nashra Sandhu හා Tuba Hassan කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 14.1 ක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Gull Feroza නොදැවී ලකුණු 62 ක් හා Muneeba Ali නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තා.

මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සියලු තරග පාකිස්තානය ක්‍රීඩා කර අවසන්ව ඇති අතර, ඔවුන් තරග තුනෙන් තරග දෙකක් ජය ගැනීමට සමත් වුණා.

ප්‍රසාද ලකුණු 4 ක් සමග පාකිස්තානය “ඒ” කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටිනවා.