Ultimate magazine theme for WordPress.

Watch : IPL 2022 තරගාවලියේ වේගවත්ම පන්දුවේ වාර්තාව අවසන් තරගයේ දී බිද වැටෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) වේගවත්ම පන්දුව යොමු කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ලොකී ෆර්ගසන් අද(29) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවයි.

අහ්මදාබාද්හී දී අද රාත්‍රී 8ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගනිමින් පළමු වරට අයි.පී.එල් ශූරයින් වීම සදහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 131ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

රාජස්ථාන් ඉනිම අතරතුර දී යි ෆර්ගසන් විසින් මෙවර තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කරනු ලැබුවේ.

එම පන්දුවේ වේගය සටහන් වුණේ පැයට කිලෝ මීටර් 157.3ක් ලෙසයි.

මීට පෙර මෙවර තරග වාරයේ වේගවත්ම පන්දුව යොමු කර තිබුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ උම්රාන් මලික් විසින්.

ඔහු විසින් පැයට කිලෝ මීටර් 157ක වේගයෙන් පන්දුවක් යොමු කරමිනුයි එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ.

Leave a comment