Watch : IPL වරම් දිනූ මෙන්ඩිස් හිට් විකට් දැවී යාමකට ගොදුරු වූ හැටි

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් අද(30) ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් හිමි කර ගැනීමට සමත් වුණා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර අයි.පී.එල් තරගාවලියට එක්ව සිටින මෙන්ඩිස් අවසන් වටයේ දෙවැනි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි අයි.පී.එල් වරම් දිනා ගත්තේ.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.
පිළිතුරු ටයිටන්ස් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවී ගියේ අවාසනාවන්ත ලෙස හිට්විකට් දැවී යාමකට හසු වීමෙනුයි.
මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට පන්දු 10 කින් ලකුණු 20 ක් ලබා සිටියා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහරක් ද සමගින්.
ඔහු දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
HITWICKET IN THE ELIMINATOR. 🤯
– Kusal Mendis just lost his wicket due to hitting the stumps. 😱pic.twitter.com/hwfMEqRdYT
— Mufaddal Vohra (@mufaddal_vohra) May 30, 2025