Ultimate magazine theme for WordPress.

Watch : BBL තරගයක් අතරතුර වේගවත් පහරක් පක්ෂියෙකුගේ වැදීමෙන් සිදු වූ අවාසනාවන්ත අනතුර

2025 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගය අතරතුර දී පිතිකරුවෙකු එල්ල කළ පහරකින් පසුව පන්දුවක් පක්ෂියෙකුගේ ගැටුණු අවාසනාවන්ත සිදු වීමක් දැක ගත හැකි වුණා.

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම හා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් අද(9) දහවල් ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.

සිඩ්නි පිළිතුරු ඉනිමේ 10 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවට Joel Paris එල්ල කළ පහරක් මෙලෙස පක්ෂියෙකුගේ වැදීමෙන් අදාළ අනතුර සිදු වුණා.

හතරේ සීමාව ආසන්නයේදී වේගයෙන් ඇදී ආ පන්දුව එලෙස පක්ෂියාගේ ගැටුණු අතර, අනතුරුව පන්දුව හතරේ සීමාව පසු කර ඇදී ගියා.

එම අවස්ථාවේදී පක්ෂියාට දරුණු තුවාල සිදු වූ ආකාරයක් දැකගත හැකි වූ අතර, පසුව ක්‍රීඩාංගන සේවකයින් පක්ෂියාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

දර්ශන පහතින් –