Watch : 2023 අබුඩාබි T10 පිටියේ හොදම පන්දු යැවීමේ දස්කම නුවන් තුෂාරගෙන් – 12/4

මෙවර Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ දී මෙතෙක් පන්දු යවන්නෙකු එක් තරගයකදී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීමට Deccan Gladiators කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(5) සමත් වුණා.
ඒ, Northern Warriors කණ්ඩායම සමග පැවැති තරගාවලියේ 21 වැනි තරගයේ දී ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගනිමින්.
මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන ඔහු මේ දක්වා ඉනිම් 5කදී කඩුලු 10 ක් දවා ගෙන තිබෙනවා.
අද තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් Warriors කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 100 ක් ලබා ගනිමින්.
තුෂාරගේ පන්දු හමුවේ දැවී ගියේ කෙනාර් ලුවිස් (ලකුණු 7), හස්රතුල්ලාහ් සසායි (3), නායක ඇන්ජෙලෝ මැතිව්ස් (29) හා අස්මතුල්ලාහ් ඔමර්සායි (1) යන පිතිකරුවන්.
— cric sl (@cricslvideo) December 5, 2023