Watch : හොදම උඩ පන්දුව රැක ගත්තේ චමීර ද, කමිදු ද?

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තවත් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ඊයේ(29) හැකි වුණා.
තරගාවලියේ 48 වැනි තරගයේදී මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ දිල්ලි කැපිටල්ස් ක්‍රීඩක දුෂ්මන්ත චමීර විසින්.
පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස අනුකුල් රෝයි දවා ගැනීම සදහා චමීර මෙම අති විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තා.
මීට දින කිහිපයට පෙර කමිදු මෙන්ඩිස් ද සුපිරි උඩ පන්දුවක් රැක ගත් පසුබිමකයි චමීර ද මෙලෙස අනර්ඝ උඩ පන්දුවක් රැක ගත්තේ. (එම උඩ පන්දු දෙකේ දර්ශන කිහිපයක් පහතින්)
කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 204 ක් මෙම තරගයේදී ලබා ගත්තා. එහිදී චමීර පන්දුවාර 3 කදී එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 46 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 190 ක් පමණයි. ඒ අනුව තරගයෙන් කොල්කටා කණ්ඩායමට ලකුණු 14 ක ජයක් හිමි වුණා.
🚨 ONE OF THR GREATEST CATCHES EVER IN IPL HISTORY – CHAMEERA 🚨 pic.twitter.com/CNMxVUb3Jm
— Johns. (@CricCrazyJohns) April 29, 2025
Kamindu Mendis 🤝 Dushmantha Chameera
We just can’t pick which catch was better! 🤔
What’s your take, folks❓#TATAIPL | #CSKvSRH | #DCvKKR | @SunRisers | @DelhiCapitals pic.twitter.com/ARfLQPeZwc
— IndianPremierLeague (@IPL) April 29, 2025