Watch : සෝ සුසුම් මැද ශේන් වෝර්න්ගේ අවසන් කටයුතු මෙල්බර්න් හී දී සිදු කෙරේ
අභාවප්‍රාප්ත වූ ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දග පන්දු යවන ක්‍රීඩක ශේන් වෝර්න්ගේ අවමංගල්‍ය කටයුතු අද(20) මෙල්බර්න් නුවර දී සිදු කෙරුණා.
පවුලේ සාමාජිකයින් හා මිතුරන් ඇතුළු 80 දෙනෙකු පමණ එම අවස්ථාවට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Jackson, Brooke හා Summer යන වෝර්න්ගේ දරුවන් තිදෙනා ද, දෙමව්පියන් වන Keith හා Brigette ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයින් වන මාර්ක් ටේලර්, ඇලන් බෝර්ඩර්, මයිකල් ක්ලාක් මෙන්ම එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් ද අවමංගල්‍ය උත්සවයට එක්ව සිටි අතර, ග්ලේන් මැක්ග්‍රාත්, මාර්ක් වෝ, ඉයන් හීලි යන හිටපු ක්‍රීඩකයින් ද ඊට එක්ව සිටි බව සදහන්.
52 වන වියේ පසු වූ ශේන් වෝර්න් පසුගිය 4 වැනිදා තායිලන්තයේ දී මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන්.
ශේන් වෝර්න් වෙනුවෙන් වන රාජ්‍ය අනුස්මරණ උත්සවය ලබන 30 වනදා ආසන ලක්ෂයකින් යුත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔහුට උපහාරයක් වශයෙන් මෙල්බර්න් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් “SK Warne Stand” ලෙස නම් කිරීමට ද නියමිතයි.
ලෝක ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වන ශේන් වෝර්න් බිද හෙලා තිබූ ටෙස්ට් කඩුලු ගණන 708ක්.
අවමංගල්‍ය උත්සවයේ ඡායාරූප හා වීඩියෝ දර්ශන පහතින් –