Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි හයේ පහරකින් කුසල් ජනිත් T20I ශතකලාභියෙක් වූ හැටි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි 20 තරගයකදී ශතකයක් වාර්තා කළ තෙවැනි පිතිකරු ලෙස ඉතිහාසගත වීමට කුසල් ජනිත් පෙරේරාට අද(2) හැකි වුණා.

ඒ, නවසීලන්තය සමග නෙල්සන්හීදී මෙරට වේලාවෙන් අද පෙරවරුවේ ආරම්භ වූ තෙවැනි විස්සයි 20 තරගයේදීයි.

එම තරගයේදී පන්දු 46 කින් ලකුණු 101 ක් රැස් කිරීමට කුසල් සමත් වූ අතර, ඔහුගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 13 කින් වර්ණවත් වුණා. (ශතකය වාර්තා කළ අයුරු පහතින් නරඹන්න)

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර 2010 වසරේදී මහේල ජයවර්ධන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ද, 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද විස්සයි 20 පිටියේදී ශතක වාර්තා කර තිබුණා.

ඒ අනුව වසර 13 කට පසුවයි ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස් කිරීමට සමත් වුණේ.

2025 වසරේදී ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු රැස් කළ පළමු ශතකය වන්නේ ද කුසල් පෙරේරා අද වාර්තා කළ ශතකයයි.