Watch : සුපිරි පහරකින් වාර්තා වූ රිෂාබ් පන්ට්ගේ ශතකය හා සුපිරි සැමරුම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 70 වැනි තරගයේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් නායක රිෂාබ් පන්ට් අද(27) සමත් වුණා.
අද පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 227 ක් රැස් කළා.
රිෂාබ් පන්ට් නොදැවී ලකුණු 118 ක් රැස් කළේ පන්දු 61 කින්. ඒ, හයේ පහර 8 ක් හා හතරේ පහර 11 ක් සමගින්.
ඔහු ශතකය වාර්තා කිරීමට එල්ල කළ අලංකාර පහරත්, අනතුරුව එය සැමරූ ආකාරයත් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
When he hits, they stay as hit 😍
A 𝗣𝗮𝗻𝘁𝗮𝘀𝘁𝗶𝗰 𝘄𝗮𝘆 𝘁𝗼 𝗴𝗲𝘁 𝘁𝗼 𝗮 💯
Updates ▶ https://t.co/h5KnqyuYZE #TATAIPL | #LSGvRCB | @RishabhPant17 pic.twitter.com/Hka9HBgpFy
— IndianPremierLeague (@IPL) May 27, 2025