Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දු යැවීමක් සමග වනිදු 300 වැනි T20 කඩුල්ල බිද හෙලයි

සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ 300 වැනි කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

ඒ, International League T20 තරගාවලිය යටතේ Desert Vipers කණ්ඩායම හා Sharjah Warriorz කණ්ඩායම අතර පැවැති තරගාවලියේ 15 වැනි තරගයේදීයි.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Sharjah Warriorz කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 91 ක් පමණයි.

මොහමඩ් අමීර් කඩුලු 4 ක් දවා ගත් අතර, වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 10 ක් පමණක් ලබා දෙමින්.(දර්ශන කිහිපයක් පහතින්)

වනිදු හසරංග මේ වන විට විස්සයි 20 කඩුලු 300ක් බිද හෙලා ඇත්තේ තරග 208 කට ක්‍රීඩා කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Desert Vipers කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 95 ක් ලබා තරගය ජය ගත්තා. ෆකාර් සමාන් නොදැවී ලකුණු 71 ක් රැස් කළේ පන්දු 39 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්.