Watch : සිරාජ්ගේ වාග් ප්‍රහාරයට පූරාන් පිත්තෙන් එලව එලවා පහර දුන් හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගයේදී ගුජරාට් ටයිටන්ස් වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් හා ලක්නව් සුපර් ජයන්ට්ස් පිතිකරු නිකලස් පූරාන් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වන ආකාරයක් දැක ගත හැකි වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් ඉනිමේ 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, එම පන්දුවේදීයි පළමුව සිරාජ් විසින් පිතිකරණයේ නිරතව සිටි පූරාන්ට යමක් පවසන ආකාරයක් දැක ගත හැකි වුණේ.
අනතුරුව ඊළග පන්දුවේදීද ඒ ආකාරයෙන්ම ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදු වුණා.
පසුව ඊට ප්‍රබල ප්‍රතිචාරයක් පිත්තෙන් ලබා දුන් පූරාන් එම පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලට පිළිවෙලින් හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කිරීම විශේෂත්වයක්.
දර්ශන කිහිපයක් පහතින් –
Nicholas Pooran Shuts Siraj down 😂
Siraj Was Messing with him for reason after each ball #GTvsLSG #ipl2025 pic.twitter.com/wtF3iMrM0f
— TheAddictedOLT (@TheAddictedOLT) May 22, 2025