Ultimate magazine theme for WordPress.

Watch : ස්ටොක්ස් හා විනිසුරු ගැටුම

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන  දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී තුන්වෙනි දිනය අදයි.

දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 587 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 407 ක්.

මේ වන විට ඉන්දියාව ලකුණු 244 ක් ඉදිරියෙන් පසුවනවා.

ඉන්දීය දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස යශස්වි ජයිස්වාල් දැවී යාම  තරමක් මත භේදයට තුඩු දුන්නා.

ඒ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යාමෙන් අනතුරුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය හරහා එහ අභියෝගයට ලක් කිරීමට ඔහු කටයුතු කිරීමත් සමගයි.

එහිදී ඔහු නියමිත කාලය පසු වීමට පෙර DRS ක්‍රමවේදය තමන්ට අවශ්‍ය බවට විනිසුරු වෙත සංඥා නොකළ බවටයි එංගලන්ත නායක ස්ටොක්ස්  චෝදනා කර සිටියේ.

දර්ශන පහතින් –