Watch : ස්ටොක්ස්ගෙන් 6 පහර 17ක් ; පිට පිට 6 පහර 5කින් ශතකය සම්පූර්ණ කරයි

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායක බෙන් ස්ටොක්ස් අද(6) එරට ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරඟාවලියේදී සුපිරි ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.
ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් වීමෙන් අනතුරුව ක්‍රීඩා කළ පළමු ප්‍රාන්ත තරගය මෙය වීම විශේෂත්වයක්.
ප්‍රාන්ත තරගාවලියේදී ඩර්හැම් කණ්ඩායම නියෝජනය කරන ස්ටොක්ස් මෙම ශතකය වාර්තා කළේ Worcestershire කණ්ඩායමට එරෙහිවයි.
ශතකය සඳහා ඔහු වැය කළේ පන්දු 64ක් පමණක් වීම කැපී පෙනුණා.
ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ Josh Baker යොමු කළ පන්දුවාරයකට පිට පිට හයේ පහර පහක් එල්ල කරමින්.
එම පන්දුවාරයේ පළමු පන්දු පහටම හයේ පහර 5ක් එල්ල කළ ස්ටොක්ස්, 6 වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් එම පන්දුවාරයේ දී ලකුණු 34 ක් වාර්තා කිරීමට සමත් වුණා.
පන්දු 47 ක් වැය කරමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ බෙන් ස්ටොක්ස් එතැන් පටන් සිය ශතකය වාර්තා කිරීම දක්වා වැය කළේ පන්දු 17 ක් පමණයි.
ඔහු මෙම ඉනිමේ දී පන්දු 88ක් පමණක් වැය කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 161ක්.
එම ඉනිමට හතරේ පහර 8ක් හා හයේ පහර 17ක් ඇතුළත් වීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත සිව්දින තරගාවලි ඉතිහාසයේ දී පිතිකරුවෙකු ඉනිමක දී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි එය ඉතිහාසගත වුණේ.
Worcester හි පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය සදහා තරගය අද ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඩර්හැම් කණ්ඩායම අද දිනයේ දී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 580ක් ලබා සිටියදීයි.
ස්ටොක්ස් මෑතකදී එරට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණේ හිටපු නායක ජෝ රූට් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන්.
ඔස්ට්‍රේලියාවේ පැවැති අළුබදුන ටෙස්ට් තරඟාවලිය 4-0 ක් ලෙස පරාජයට පත්වීමත්, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැති ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස පරාජයට පත් වීමත් ඔහුගේ ඉල්ලා වීමට හේතු වුණා.
බෙන් ස්ටොක්ස්ගේ නායකත්වය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය ලබන ජූනි දෙවැනිදා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිතයි.
ස්ටොක්ස් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසගත වන්නේ.
ස්ටොක්ස් එක් පන්දුවාරයකදී ලකුණු 34ක් වාර්තා කළ අයුරු හා ඔහු මෙම ඉනිමේ දී එල්ල කළ හයේ පහරවල් පහතින් නරඹන්න –
6️⃣ 6️⃣ 6️⃣ 6️⃣ 6️⃣ 4️⃣
What. An. Over.
34 from six balls for @benstokes38 as he reaches a 64 ball century 👏#LVCountyChamp pic.twitter.com/yqPod8Pchm
— LV= Insurance County Championship (@CountyChamp) May 6, 2022
Just the FIFTEEN sixes for @benstokes38 this morning – including five in one over 🤯
He's currently 147* from 82 balls. #ForTheNorth pic.twitter.com/0bArnSKCvB
— Durham Cricket (@DurhamCricket) May 6, 2022
17 SIXES and Stokes now holds the record for the most sixes in a #CountyChampionship innings 🔥#ForTheNorth pic.twitter.com/fF2tRoIGMZ
— Durham Cricket (@DurhamCricket) May 6, 2022