Watch : සල්මාන් අලී ආගා තනි අතින් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට පාකිස්තාන ක්‍රීඩක සල්මාන් අලී ආගා සමත් වුණා.
දකුණු අප්‍රිකාව සමග පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකා පිතිකරු Matthew Breetzke දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ. (දර්ශන කිහිපයක් පහතින්)
Short cover ප්‍රදේශයේ පන්දු රකිමින් සිටියදී සල්මාන් ආගා තනි අතකින් මෙම උඩ පන්දුව රැක ගත් අතර, ඒ වන විට Breetzke ලබා සිටි ලකුණු සංඛ්‍යාව 83 ක්.
කුෂ්දිල් ශාහ් යොමු කළ පන්දුවක් හමුවේයි මෙම කඩුල්ල බිද වැටුණේ.
අදාළ තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 352 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 355 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
STUNNING WORK IN THE FIELD 👏@SalmanAliAgha1 pulls off a blinder to dismiss Breetzke#3Nations1Trophy | #PAKvSA pic.twitter.com/dJkKNyornp
— Pakistan Cricket (@TheRealPCB) February 12, 2025
The catch of 2025 so far?! 👀🔥
Salman Ali Agha with a jaw-dropping one-handed grab! 🤯#3Nations1Trophy | #PAKvSA pic.twitter.com/Zp2oSOesBS
— Pakistan Cricket (@TheRealPCB) February 12, 2025