Ultimate magazine theme for WordPress.

Watch : ශෙහාන්ගේ ප්‍රහාරය අපතේ යයි ; ඩිල්ෂාන්-මිස්බාගේ සුපිරි ඉනිම් හමුවේ නිව් යෝර්ක් පෙරමුණේ

තිලකරත්න ඩිල්ෂාන් හා මිස්බා උල් හක්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ US Masters T10 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මුලික වටය අවසන් කිරීමට New York Warriors කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 21 වැනි තරගයේ දී ශෙහාන් ජයසූරිය පන්දු 24 කින් වාර්තා කළ ලකුණු 44 අපතේ යවමින් Morrisville Unity කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කරමින්.

ෆ්ලොරිඩාහි Lauderhill හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් New York Warriors කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 139 ක් රැස් කිරීමට සමත් වුණා.

ඩිල්ෂාන් පන්දු 19 කින් ලකුණු 37 ක් වාර්තා කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින්. මිස්බා පන්දු 14 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 38ක්. හයේ පහර 5 ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

ශහිඩ් අෆ්රිඩි පන්දු 11 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 22 ක්. පන්දු යැවීමේ දී එස්. ශ්‍රීසාන්ත් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Morrisville Unity කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

ජයසූරිය රැස් කළ ලකුණු 44 ට හයේ පහරක් හා හතරේ පහර 6 ක් ඇතුළත් වුණා.

තරගාවලියේ අවසන් වටයේ පළමු තරග තුන මෙරට වේලාවෙන් අද(26) රාත්‍රියේ පැවැත්වෙන අතර, අවසන් මහා තරගය හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

New York Warriors කණ්ඩායම හා Morrisville Unity කණ්ඩායම අතර තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න –