Watch : ශකිබ්ගේ පන්දුවාරයට පූරාන්ගෙන් හයේ පහර 5ක්
අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(30) පැවැති තරගයකදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් දරුණු ප්‍රහාරයකට ලක් වුණා.
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් ටයිගර්ස් කණ්ඩායම පරාජයට පත් වූයේ කඩුලු 10 කින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 108 ක් රැස් කළා.
ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 21 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්.
පන්දු යැවීමේ දී මොහොමඩ් හස්නයින් හා ඩේවිඩ් වීසා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩෙකෑන් කණ්ඩායම පන්දුවාර 6.1 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාම විශේෂත්වයක්.
ටොම් කොහ්ල කැඩ්මොර් පන්දු 21 කින් නොදැවී ලකුණු 50 ක් හා නායක නිකලස් පූරාන් පන්දු 16 කින් නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තා.
පූරාන්ගේ ඉනිම හයේ පහර 7 කින් හා හතරේ පහරකින් වර්ණවත් වුණා.
ඔහු ශකිබ් අල් හසාන් යොමු කළ පන්දුවාරයේ දී හයේ පහර 5 ක් එල්ල කිරීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)
— CricDaily24 (@cricday96) November 30, 2022
Pooran hits 5 Sixes to Shakib in 1 over 💥 Dear Karachi Kings go for this young man in PSL8 💙@nicholas_47 @KarachiKingsARYpic.twitter.com/FqJlWZV0gl
— Muhammad Noman (@nomanedits) November 30, 2022